මීගමුව කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

2024.11.29 දින මීගමුව කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

කුලී පදනම මත ලබාගත් කාර් රථයක් උකස් කිරීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අදාලව එම කාර් රථයේ හිමිකරුට අධිකරණය මගින් අදාල කාර් රථය නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රු.2,70000/=ක් වටිනා වායු සමීකරණ යන්ත්‍රයක් අල්ලස් වශයෙන් ඉල්ලා අදාල මුදල වායු සමීකරණය මිලදී ගන්නා ආයතනයේ බැංකු ගිණුමක තැන්පත් කර රිසිට් පත නිලධාරියා වෙත ලබාදීමේදී මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත් අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරියා 2024.11.29 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *