“මුතුවා”ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන “මුතුවා”ගේ අතුරුගිරියේ නිවසට වෙඩි ප්‍රහාරයක්-පොලිසිය

විදේශගත සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දනුක අමරසිංහ නොහොත් ‘මුතුවා’ යන පුද්ගලයාට අයත් අතුරුගිරිය, ගල්වරුෂාව පාරේ නිවසකට අද (27) අලුයම කිසියම් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වෙඩි 7ක් පමණ නිවසට එල්ල කර ඇති අතර, ප්‍රහාරයෙන් නිවසේ කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසීය.

වෙඩි තැබීමෙන් නිවසේ දොර ජනෙල්වලට හානි සිදුව ඇතැයි ද වාර්තා වේ.

පසුගිය කාලයේ අතුරුගිරිය හා නවගමුව යන ප්‍රදේශවල සිදුවු අපරාධ රැසක් මුතුවා යන පුද්ගලයා විසින් මෙහෙයවූ බවට ද තොරතුරු ලැබී තිබේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *