මුදල් විසිකරමින් රංගනයේ යෙදුණු ජනප්‍රිය තරුව අත්අඩංගුවට

නයි­ජී­රි­යාවේ සමාජ මාධ්‍ය­ අතර ජන­ප්‍රිය චරි­ත­යක් වන බොබ්රිස්කි නමැති කාන්තාව අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා.

පසු­ගි­යදා ලාගොස් නුවර පැවැති චිත්‍ර­පට මංගල දර්ශ­න­යක් අත­ර­තුර මුදල් නෝට්ටු වීසි කිරීම හේතු­වෙන් මෙසේ ඇයව අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

චිත්‍ර­පට දර්ශ­නය අත­ර­තුර පැවති සංගීත ප්‍රසං­ග­යේදී ඇය මුදල් නෝට්ටු විශාල ප්‍රමා­ණ­යක් ශාලාව තුළ විසිකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.

නයි­ජී­රි­යාවේ විවාහ සහ වෙනත් උත්ස­ව­ව­ල දී මුදල් නෝට්ටු විසිකිරීම සාමාන්‍ය සිදු වීමක් වුව ද අදාළ තරුණිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ එම අව­ස්ථාවේ ශාලාවේ සිටි අයගේ දෙපා­ව­ලට එම මුදල් නෝට්ටු පෑගී­ම හේතුවෙන් බවද සඳහන්.

ඒ අනුව මුදල් නෝට්ටු අව­භා­විත කිරීම යන චෝදනා යටතේ බොබ්රිස්කිව අත්අ­ඩං­ගු­වට ගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *