මුහුණේ අඩක් අංශභාගයට ගොදුරුවීමෙන් පසු කෝටිපති ජස්ටින් බීබර් බංකොලොත් වෙයි

2022 අවුරුද්දෙ තමා රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය(RHS) නැත්නම් මුහුණේ අර්ධයක අංශභාග තත්ත්වයක් මතු කළ දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළෙන බව ජස්ටින් බීබර් (Justin Beiber) අනාවරණය කර තිබුණා.

පසුව කෙමෙන් ඔහු රෝගී තත්ත්වයෙන් යථා තත්ත්වයට පත් වී යුරෝපය පුරා ඔහුගේ ප්‍රසංග පැවැත්වීමට කටයුතු කළා. එක දිගට ඔහු සජීවී ප්‍රසංග හයක් යුරෝපය පුරා පැවැත්වූ නමුත් කෙටි කලකින් නැවත අසනීප තත්ත්වයට ගොදුරු වුණා.

මේ හේතුවෙන් 2022-2023 අතර කාලසීමාවේදී ඔහුට “Justise World Tour” සංගීත ප්‍රසංගවලට සහභාගී වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ සමඟ ඔහුගේ සංගීත දිවිය අඩාල වූ අතර මේ වන විට මූල්‍යමය වශයෙන් අර්බුදයකට මුහුණ දී සිටින බවත් කෝටිපති ගායකයා බංකොලොත්භාවයට පත් වී සිටින බව මාධ්‍ය වාර්තා කිහිපයක් පෙන්වා දී තිබෙනවා.

මූලාශ්‍ර පවසන්නේ බීබර්ගේ වත්කම් හිස් වීමට ඉතා ආසන්න බවයි. ඔහුගේ “වගකීම් විරහිත” මුදල් වියදම් කිරීමේ පුරුදු මෙයට හේතු වී ඇති බව වාර්තා පවසනවා. 2022 සහ 2023 දී ඔහුගේ Justise World Tour අවලංගු කිරීමෙන් පසුව පවා ඔහුගේ වියදම් පුරුදු අඩු වී නැති බවයි එම වාර්තා පවසන්නේ.

ඔහුගේ ඩොලර් මිලියන 16 ක් වටිනා නිවස සඳහා නොගෙවූ දේපල බදු ඩොලර් 380,000ක් ගොඩගැසී ඇති අතර තවත් බොහෝ බිල්පත් ගෙවීමට සිදු වී තිබෙනවා.

මේ අනුව ජස්ටින් බීබර්ගේ සෞඛ්‍ය ගැටළු සහ දේපල බදු බිල්පත් වැඩි වීම හේතුවෙන් ඔහුගේ ධනය ක්‍රමයෙන් “අඩුවෙමින්” පවතින බව ආරංචි මාර්ග පවසනවා.

ජස්ටින්ගේ අධික වියදම් පුරුදු

මූලාශ්‍රවලට අනුව, ජස්ටින් සැමවිටම මුදල් සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කර ඇති අතර මිල ගණන් හෝ ඔහුගේ බැංකු ශේෂය දෙස නොබලා නිදහසේ වියදම් කර ඇති බව සඳහන්.

මුදල් අඩුවීම පුදුමයක් නැහැ. මුදල් ඉපයීමේ ඉක්මන් ක්‍රමය වන්නේ සංචාරය කිරීමයි, නමුත් ජස්ටින්ට ඒ දැඩි දුෂ්කර මාවතේ යාමට හැකියාවක් ලැබී නැහැ.

ජස්ටින් බීබර්ට “වැඩි කාලයක්” මුදල් උපයන මාර්ගයක් නොමැතිව “ඔහුගේ අධි සුඛෝපභෝගී ජීවන රටාව පවත්වා ගැනීමට” නොහැකි වනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *