මෙන්ඩිස් පරදා මෙන්ඩිස් පෙරට

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණ ද්විත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.

එම තරග දෙකේදීම ශතක දෙකක් සමගින් කැපී පෙනෙන ලකුණු රැස් කිරීමක් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස්, ඔහු පෙර සිටි ස්ථානයට වඩා ස්ථාන 18ක් ඉදිරියට පැමිණ 46 වැනි ස්ථානය තහවුරු කර ගෙන තිබෙනවා.

එම තරගයේ දීම පන්දුවෙන් දස්කම් පෑ ඔහු ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 177 වැනියා බවට පත්ව ඇත්තේ ක්‍රීඩකයින් 46 දෙනෙකු අභිබවමින්.

මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ද එම තරගාවලියේ දැක් වූ දස්කම් හේතුකොට ගෙන පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 25 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් ද මෙම තරගාවලියේ දැක් වූ දක්ෂතා හේතුකොටගෙන ස්ථාන 3ක් පෙරට විත් 52 වැනි ස්ථානයේ පසු වෙනවා.

එම තරගවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් දැක් වූ දක්ෂතා හේතුවෙන් පන්දු යවන්නන් කිහිප දෙනෙකුටම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකියාව ලැබි තිබෙනවා.

ඒ අනුව ස්ථාන 7ක් ඉදිරියට විත් 27 වැනි ස්ථානයේ රැදීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට හැකි වී ඇති අතර විශ්ව ප්‍රනාන්දු ද ස්ථාන දෙකක් ඉදිරියට විත් 41 වන ස්ථානයේ රැදී සිටිනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ස්ථාන 2ක් පෙරට විත් 44 වැනි ස්ථානයේ රැදී සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව පෙන්නුම් කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *