මෙරට රියැදුරු බලපත්‍රය, ඉතාලි රියැදුරු බලපත්‍රයට හරහා ගැනීමට ඇති ගැටලුව නිසා දුක් විඳින ලාංකිකයින්..

 මෙරට රියදුරු බලපත්‍රය, ඉතාලි රියැදුරු බලපත්‍රයට හරවා ගැනීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන්, ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකිකයින් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වෙයි.

ඔවුන් පැවසුවේ වසර 2 ක පමණ කාලයක සිට ඒම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන බවයි.

ඉතාලියේ රියැදුරු රැකියාවකට පැමිණි අයෙකුට,  ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රයකට හරවා ගැනීමේ ක්‍රමවේදය හරහා විශාල පිරිසකට රැකියා අවස්ථා හිමිව තිබේ.

එම ක්‍රමවේදයට අත්හිටුවීම තුළින් විශාල පිරිසකගේ රැකියා අවදානමක් මතුව ඇතැයි, ඔවුන් පෙන්වා දෙන්නේය.

ඒ් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අප විමසීමක් කළ අතර එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ දෙරට අතර ඇති කරගත් ගිවිසුමක් හරහා ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රය ඉතාලිය රියැදුරු බලපත්‍රයකට හරවා ගැනීමේ කමවේදයක් ක්‍රියාක්මන බවයි.

ඒහෙත් මේ වනවිට එම ගිවිසුම අවසන් වී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය. 

ඔහු පැවසුවේ. එම ගිවිසුමට අදාළ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ඒ සඳහා දෙරට මෝටර් රථ බලධාරීන් සාකච්ඡා කරමින් පවතින බව ද, ඔහු පැවසුවේ ය.

What's your reaction?

Related Posts

1 of 391

Leave A Reply

Your email address will not be published. Required fields are marked *