මෙවර මහ මැතිවරණයේදී ඉතිහාසයට නව පිටුවක් පෙරළමින්, කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත් වී තිබේ.

කෙසේ වෙතත්” සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් තවමත් ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කර නැත.

ඒ අනුව මෙතෙක් පාර්ලිමේන්තුවක් සඳහා තේරීපත් වී ඇති වැඩි ම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත.

මැතිවරණය ජය ගත් කාන්තාවන් 21ක්

ජාතික ජන බලවේගයෙන් සහ සමගි ජන බලවේගයෙන් තරග කළ කාන්තා අපේක්ෂිකාවන් අතරින් 21 දෙනෙකු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබීම විශේෂත්වයකි.

ජාතික ජන බලවේගයෙන් කාන්තාවන් 19ක් සහ සමගි ජන බලවේගයෙන් කාන්තාවන් 2ක් එලෙස තරගකාරී ලෙස මනාප ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබේ.

ජාතික ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු ආසනවලින් එක් ආසනයක් සඳහා කාන්තාවක් පත් කර තිබේ.

මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති වැඩිම සංඛ්‍යාව මන්ත්‍රීවරියන් 13කි.

What's your reaction?

Related Posts

1 of 374

Leave A Reply

Your email address will not be published. Required fields are marked *