මොරගහහේන ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයේදී මෙම ත්‍රිරෝද රථයට නවත්වන ලෙස පොලිසිය සිදුකළ අණ නොතකා එහි ගමන්ගත් පිරිස පොලිසිය දෙසට වෙඩිතබා පළා ගොස් ඇති අතර, පසුව එම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිස් ස්ථාන සහ මාර්ග බාධක වෙත ක්ෂණිකව දැනුම් දී තිබෙනවා.

එහිදී වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර, එම ත්‍රිරෝද රථය නවතන ලෙස අණ කර ඇතත් එම අණද නොකතා ඔවුන් ත්‍රිරෝද රථයෙන්ම පළාගොස් තිබෙනවා.

අනතුරුව එම නිලධාරීන් විසින් ත්‍රිරෝද රථය හඹාගොස් පාදුක්ක – මොරගහහේන මාර්ගයේ පුවක්වත්ත මංසන්ධිය අසලදී සිදුකළ වෙඩිතැබීමකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එහිදී 22mm පිස්තෝල වර්ගයේ ගිනි අවියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *