මෝටර් රථයක් කඩාවැදීමෙන් චීනයේ 35කට දිවි අහිමිවෙයි

චීනයේ Zhuhai හී ක්‍රීඩාංගනය පිටත ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත වාහනයක් කඩා වැදීමෙන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම අනතුරින් 43 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද සඳහන්.

අනතුර සිදුකළ රියදුරු මේවන විට කෝමා තත්ත්වයෙන් පසුවන බවත් ඒ හේතුවෙන් පොලිසියට අනතුර පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *