මෝදි අගමැති ධුරය දිවුරුම් දෙයි

අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි සිය ධුරයේ දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපතිනි දෘපදී මුර්මු ඉදිරියේ රාෂ්ට්‍රපති භවන්හිදී.

දිවුරුම් දීමේ උත්සවයට පෙර අගමැති මෝදි රාජ්ගාට් හි පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කළ අතර ජාතික යුද ස්මාරකය වෙත ද පුෂ්පෝපහාර දැක්වුවා.

දිවුරුම් දීමේ අවස්ථාවට ලොව පුරා නායකයන් රැසක් එක්වීමට එක්ව සිටියා.

මේ අතර නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් පිරිසක් ද අද දිවුරුම් දීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

නරේන්ද්‍ර මෝදිගේ මුළු අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 78 ත් 81 ත් අතර වන නමුත් අද පැවැත්වෙන උත්සවයේදී 30 දෙනෙකු පමණක් දිවුරුම් දෙනු ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

73 හැවිරිදි වියේ පසුවන නරේන්ද්‍ර මෝදි, නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 293ක් ලබා ඉන්දීය මහමැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ තුන්වන වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙස තේරී පත්වුණා.

ජවහර්ලාල් නේරුගෙන් පසු තුන්වරක් අගමැති ධූරයට පත් වූ පළමු පුද්ගලයා වන්නේද නරේන්ද්‍ර මෝදියි.

එමෙන්ම මෝදි මෙම නව ධුර කාලය සාර්ථකව අවසන් කළහොත් ඉන්දියාවේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ පුද්ගලයා ලෙස ද ඔහු ඉතිහාසගත වනු ඇති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *