යතුරුපැදි අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

ගල්කිරියාගම ගෝණදෙනියාගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

යතුරු පැදියක ගැටීම නිසා අනතුර සිදුව ඇති බවයි ගල්කිරියාගම පොලිසිය පවසන්නේ.

ඊයේ (15) රාත්‍රියේ වූ අනතුරෙන් තුවාල ලබා දබුල්ල රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී කාන්තාව මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ගලේවෙල කලාවැව ප්‍රධාන මාර්ගයේ ගල්කිරියාගම ගෝණදෙනියාගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණා.

මියගිය කාන්තාව පලාගල ගෝණදෙනියාගම පදිංච්කාරියක බවද පොලිසිය ප්‍රකාශ කළා.

ගල්කිරියාගම පොලිස්ර ථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *