යතුරුපැදිය කන්ටේනරයේ ගැටී අයෙක් මරුට

කන්ටේනර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් පසුපැදිකරු බරපතල තුවාල ලබා තිබෙනවා.

අද (13) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පවසන්නේ.

තුවාල ලැබූ තැනැත්තා යතුරුපැදියේ ගමන්ගත් පසුපැදිකරු බවයි වාර්තා වන්නේ.

කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව දන්කොටුව ප්‍රධාන මාර්ගයේ වම් පස කන්ටේනර් රථයක් නවත්වා තබා තිබෙනවා.

යතුරුපැදිය එහි පසුපස ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.

මෙම අනතුර අද පෙරවරු 9.30ට පමණ සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදියෙහි දෙදෙනෙකු ගමන් කර ඇති බව පැවසෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ යතුරු පැදිය පැද වූ වඩුමුන්නේගෙදර පදිංචි වෙනුර ඉමේෂ් නැමති (20) හැවිරිදි තරුණයෙක්.

යතුරු පැදියේ පසුපස ගමන්ගත් 19 හැවිරිදි තරුණයා බරපතල තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මීගමුව සිට දංකොටුව දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා කන්ටේනර් රථයක පසුපස රෝදයක ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයේ වම්පස නතර කර තිබියදී ඒ දෙසට ධාවනය වූ යතුරු පැදිය කන්ටේනර් රථයේ පසුපස ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි වෙන්නප්පුව පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්දයෙන් කන්ටේනර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *