යාපනය රෝහලෙනුත් කොවිඩ් මරණයක්

යාපනය ශික්ෂණ රෝහලෙන් කොවිඩ් 19 ආසාධිත මරණයක් වාර්තා වනවා.

එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් මෙලෙස කොවිඩ් ආසාධිතව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය, අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටි තැනැත්තියක් බව සඳහන්.

උණ රෝගය වැළඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇති එම කාන්තාව පසුගිය 12 වනදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම කාන්තාවගේ මරණ පරීක්ෂණ වාර්තාව ඊයේ (15) පෙරවරුවේ ලැබී ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනයෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 62 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

මෙම කාන්තාවගේ ආශ්‍රිතයින් සොයා යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මේ අතර කුරුණෑගල රෝහලෙන් ද පසුගිය සතියේ කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *