යාපනයේ ආයේ බෝම්බ?

  • විනාශකාරී පිපුරුමක් සිදු කිරීමට මාන බලමින් සිටි යාපනය ප්‍රදේශයේ පුද්ගලයකු අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග යාපනය වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගනී.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ පොලිස් පරීක්ෂක ඊ.ඒ.ඩබ්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.05.12 වන දින කයිට්ස් පොලිස් වසමේ සාඩි මුහුදු තීරයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී යම් විනාශකාරී පිපුරුමක් සිදු කිරීමට අධිබලැති පුපුරණ ද්‍රව්‍ය (TNT) කිලෝ 03, ග්‍රෑම් 145 ක්, RPG උණ්ඩ කොටස් 08 ක් සහ 60mm මෝටාර් උණ්ඩ කොටස් 12 ක් සන්තකයේ තබාගෙන සිටි 05 වන කොට්ඨාසය, මණ්කුම්පාන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 40 පසුවන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන විශේෂ කාර්ය බලකාය යාපනය කදවුරේ නිලධාරීන් සිදුවීමට ගිය විනාශය වලක්වා ගැනීමට සමත් විය.සැකකරු සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තවද මෙම පුපුරණ ද්‍රව්‍ය මෙම පුද්ගලයා හට කුමණ ආකාරයකින් ලැබුනේද, යන්න සහ කුමණ අරමුණක් සදහා සදහා සන්තකයේ තබාගෙන සිටියේද, යන්න පිළිබද විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ කයිට්ස් පොලිසියේ නිලධාරීන් විමර්ශණ සිදු කරණු ලබයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *