යාපනයේ නිවසක් මතට ගසක් වැටී පුද්ගලයින්ට 6ක් විපතට පත් වෙයි

යාපනයේ වේලනෙයි ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීම නිසා එම නිවසේ සිටි පුද්ගලයින් 06 දෙනෙක් ඊයේ (10) දින වෙනත් ආරක්ෂිත ස්ථාන වලට මාරු කොට තිබෙනවා.

අධික සුළග හා වැස්ස නිසා නිවස ආසන්නයේ තිබූ ගසක් ඉදිරී නිවස මතට වැටීම නිසා නිවසට දැඩි හානි සිදුවී තිබෙනවා.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ යාපනය දිස්ත්‍රික් කාර්යලය ප්‍රකාශ කළේ පසුගිය දිනවලදී යාපනයේ කෝපායී වේලනෙයි හා පේදුරුතුඩුව යන ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් ඇද හැලීම නිසා තවත් නිවාස දෙකකට අර්ධ හානි සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් වර්ෂාව නිසා යාපනයේ පවුල් 21 කට අයත් පුද්ගලයින් 68 දෙනෙකු මේ වන විට විපතට පත් වීම නිසා ඔවුන්ව වෙනත් ස්ථාන වලට මාරු කොට ඇති බවද එම නිලධාරීන් කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 381

Leave A Reply

Your email address will not be published. Required fields are marked *