රජයට සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ කැපකිරීම අමතක වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අප රටේ රණවිරුවන් වන සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු ගැන සාකච්ඡා කළ බවත් 32000ක් පමණ සිවිල් ආරක්ෂක නිලධාරින් සිටින බවත්⁣ මොවුන් යුද ජයග්‍රහණය වෙනුවෙන් කළ කැපකිරීම අමතක වී ඇති බවත් මේ කැපකිරීම රු ලක්ෂ 30කට තක්⁣සේරු කර ඇති බවත් මේ ආකාරයට රටේ රණවිරුවන්ට අපහාස හා අවමාණ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම නිසා සමගි ජන බලවේග රජයක් තුළ සිවිල් ආරක්ෂක බලකාය ශක්තිමත් කරමින් මොවුන්ගේ සුරක්ෂිතභාව තහවුරු කරන යහපත් ප්‍රගතිශීලී වැඩසටහනකට යොමුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ක්ෂේත්‍රයෙන් ස්වකීය කැමැත්තෙන් ඉවත් වන අයට සාධාරණ වන්දියක් ලබා දී නිසි ගෞරවය ලබා දෙන බවත් කවුරුවත් බලයෙන් ඉවත් නොකරන බවත් නව ක්‍රමවේදයකට ප්‍රවේශ වී ද්විත්ව අරමුණු සාක්ෂාත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යයක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සහ පිරිස සමග සිදු කළ සාකච්ඡාවේ දීය.

මේ ක්ෂේත්‍රය වටිනාම සම්පතක් බවට පත් කරන බවත් ඔවුන්ගෙන් රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන වැඩපිළිවෙළකට යොමුවන බවත විපක්ෂ නායකවරයා පැවසීය


What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *