රට ගොඩ නගන මග විපක්ෂ නායක පහදයි

රට ගොඩනැගීමට නම් වෙනස් කළ නොහැකි දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ වැඩසටහනේ 196 වැනි අදියර යටතේ හෝමාගම – මීගොඩ ධර්මරාජ විද්‍යාලයට රුපියල් ලක්ෂ 12ක පමණ වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ වැඩසටහනට එක්වෙමින්.

මෙහිදී විද්‍යාලයීය නර්තන කණ්ඩායමට ඇඳුම් සපයාගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ද පාසැල් සංවර්ධන අරමුදලට පරිත්‍යාග කෙරුණා. එහිදී අදහස් දැක්වූ විපක්ෂ සජිත් ප්‍රේමදාස කියා සිටියේ රට බංකොලොත් කළ පිරිසට නීතියෙන් දඬුවම් දීමට කටයුතු කරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *