රට බංකොළොත්වීමට හේතුව අසීමිත ලෙස ණය ලබා ගැනීම බව ජනපති කියයි

රට බංකොළොත්භාවයට පත්වීමට මූලික හේතුව අසීමිත ලෙස ණය ලබා ගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කඩිනමින් අපනයන ආර්ථිකයක් ස්ථාපිත නොකළහොත් යළිත් රට බංකොළොත්භාවයට පත්වීම වැළැක්විය නොහැකි බවයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේදී විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින්.

කොම්පඤ්ඤවීදියේ ඉදි කළ ගුවන් පාලම ජනපති සුරතින් විවෘත කෙරේ.

ප්‍රවාහන අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදි කරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (11) විවෘත කෙරුණා.

දෛනික ගමන් වාර 109ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ඉදි කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *