රට යන ඉංජිනේරුවන් වැඩි වෙලා

පසුගිය සමයේ රට තුළ නිර්මාණවී තිබූ අර්බුදකාරී වාතාවරණය හමුවේ ගතවූ වසර දෙකක කාලසීමාවේදී ඉංජිනේරුවන් රට හැරයාම තුන්ගුණයකින් පමණ ඉහල ගොස් ඇති බව රාජ්‍ය ‍සේවා ඉංජිනේරු සංගමය පැවසීය.

දැනට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව 2023 වසරේදී ඉංජිනේරුවරුන් පන්දහසක් පමණ රට හැර ගොස් ඇති බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ හිටපු සහකාර ලේකම් වරලත් ඉංජිනේරු දමිත් දිසානායක සඳහන් කළේය.පසුගිය කාලයේදී මෙරට අතහැර වෙනත් රටවල රැකියා සඳහා ගිය සමස්ත වෘත්තිකයින් අතරින් සියයට හතළිහක් පමණ ඉංජිනේරුවරුන් බව හෙතෙම ප්‍රකාශ කළේය.

එබැවින් මේ වනවිට ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ පුරප්පාඩු රැසක් පවතින බවත් අත්දැකීම් සහිත පිරිසක් මෙම ක්ෂේත්‍රය තුළ නොමැතිවීම බරපතල තත්ත්වයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම මේ වන විට ඉංජිනේරු ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයින් වෙත ලබාදෙන වැටුප ඉතාමත් පහළ මට්ටමක පවතින බැවින් මෙහි නිරත පිරිස රටහැර යාම ඉහළගොස් ඇති බව පැවසූ ඒ මහතා කියාසිටියේ මේ මොහොතේ හෝ වැටුප් වැඩිවීමක් සම්බන්ඳයෙන් සාධනීය පියවරක් නොගතහොත් ක්ෂේත්‍රයේ නිරත ඉතිරි පිරිසද රට හැරයාම වළක්වාගත නොහැකි බවයි

What's your reaction?

Related Posts

1 of 919

Leave A Reply

Your email address will not be published. Required fields are marked *