සංචාරක ක්ෂේත්රය අප රටට දියුණු වන්නට හැකි වේගවත් ලෙස ඉදිරියට යා හැකි වැදගත් ක්ෂේත්රයක් බවත් මේ ක්ෂේත්රය තුළ අභියෝග රැසක් ඇති බවත් අප රට විශේෂයෙන්ම සම්මන්ත්රණ පුහුණු කටයුතු විවිධ අවස්ථා ප්‍රවර්ධනය කරන මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට යා යුතු බවත් ඒ සඳහා ශක්තිය ලබා දිය යුතු බවත් මේ සඳහා තවත් විශාල හෝටල් ප්‍රමාණයක අවශ්‍යතාව ඇති බැවින් ඒ සඳහා දිය හැකි උපරිම ශක්තිය රාජ්‍ය මැදිහත්වීම තුළ ලබා දෙමින් දේශීය විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කර ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන විනිල් වල්ගම්පොළ මහතා කොළඹ ආරම්භ කරන ලද නව හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දක්වමිනි.
උසස් සේවාවක් ලබා දීමට හොඳ පුහුණුවක් ලැබූ කාර්යක්ෂම කුසලතාවෙන් සපිරි සේවක පරපුරක් නිර්මාණය කළ යුතු බවත් රට මුහුණ දුන් ත්‍රිත්ව ඛේදවාචක හමුවේ අප රටේ ශ්‍රම සම්පත විදේශ ගත වන බුද්ධිගලනයක් සිදුවන බැවින් මේ බුද්ධිගලනය තාවකාලිකව හෝ අවම කර ගෙන ශ්රමයට සරිලන වේතන ලබා දී නිපුණතාව කුසලතාව ඇති ශ්‍රම සම්පත අප රටේ පවත්වාගෙන යාමට නියත වශයෙන් කටයුතු කළ යුතු බවත් හෝටල් කර්මාන්තය ශක්තිමත් කිරීමට නවීන පන්තයේ ජාත්‍යන්තර ගුණාත්මකභාවයක් ඇති හෝටල් පාසල් ගණනාවක් පළාත් 9 හෝ ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
තවද සංචාරක කර්මාන්තයේ යටිතල පහසුකම්, මානව සම්පත් සවිබල ගන්වන්න නිරතුරුවම වැඩපිළිවෙළක් යෙදිය යුතු බවත් වාදභේද නොතකා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේද නොතකා එකමුතුභාවය රටේ ශක්තිය කර ගෙන රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ඒමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.