“රටේ මහජන ආරක්ෂාව බිඳවැටිලා”

සිය රජයක් තුළ අපරාධකරුවන්ට කිසිදු ඉඩක් නොතබන බවත්, ඔවුන්ට උපරිම දඬුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, ”‍දිවිදෙන රණවිරු”‍ මැයෙන් සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් රණවිරු සමුළුවට ඊයේ (14) එක්වෙමින්.

මෙම සමුළුව සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරන රණවිරුවන් සහ ඔවුන්ගේ ඥාතීන් සහභාගි වී සිටියා.

මෙහිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, විශ්‍රාමික සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් වූ ගාලු‍ දිස්ත්‍රික් රණවිරු සම්මුතියේ රණවිරු ප්‍රකාශයට අත්සන් තැබීමද සිදුකෙරුණා.

ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කළේ රට තුළ ඝාතන රැල්ලක් ඇතිවී ඇති බවත් මහජන ආරක්ෂාව බිද වැටී ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *