රතු වරෙන්තුකරුවෙක් කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට

ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඩුබායි සිට අද (29) අළුයම මෙරටට ගෙන ඒමෙන් පසුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත් අඩංගුවට පත් සැකකරු අවුරුදු 33ක කිතුල්කඩවල කන්ද, ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම, පුද්ගල පැහැරගැනීම් සහ හෙරොයින් ලඟ තබා ගැනීම සම්බන්ධ නඩු කිහිපයක් සඳහා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත්කර තිබූ බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *