රන් මාල කොල්ලකරුවන්ට ප්‍රදේශවාසීන්ගෙන් ගුටි පූජාවක්

දිවුලපිටිය, බටයපොළ ප්‍රදේශයේදී ඊයේ (22) යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රන් මාලයක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.

අනතුරුව කොල්ලකරුවන් දෙදෙනා දිවුලපිටිය, පල්ලිය පිටිය ප්‍රදේශයේ තවත් රන්මාලයක් කොල්ල කෑ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් මෙම රන්මාලය කොල්ලකෑ සැකකරුවන් දෙදෙනා පිටුපස හඹා ගොස් තිබෙනවා.

එහිදී එම සැකකරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී රිය අනතුරක් සිදුවී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ සිදුවූ අනතුරෙන් පසු රන්මාලය කොල්ල කෑ සැකකරුවන් දෙදෙනාට ප්‍රදේශවාසීන් එක්ව පහරදී දිවුලපිටිය පොලිසිය වෙත භාරදී ඇති බවයි.

එහිදී එම සැකකරුවන් සන්තකයේ තිබූ කඩු දෙකක්, යතුරුපැදියක් සහ කොල්ල කෑ එක් රන්මාලයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, අනිත් සැකකරු ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, මෙම පුද්ගලයින් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් බවත් දිවුලපිටිය පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සන්තකයේ තිබී කුඩු මිලිග්‍රෑම් 12.000 ප්‍රමාණයක්ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *