රන්න කැළඹූ අභිරහස් සිරුර

රන්න – හම්බන්තොට පාර අසල දෙමහල් නිවසක් පිටුපස තිබී හිසට වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වූ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුරක් අද (10) උදෑසන හමුව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රන්න තිස්ස පාරේ ඉදිකිරීම් ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරු වූ 51 හැවිරිදි සුමුදු ලංකාමුල්ල නමැති එක්දරු පියෙක්.

එම ස්ථානයේ තිබී සැකකරුට අයත් බලපත්‍ර සහිත පතොරම් තුවක්කුවේ කොටසක් වැටී තිබුණු බවත් ඉතිරි කොටස නිවසේ උඩු මහලේ තිබියදී සොයාගත් බවත් පොලිසිය සඳහන් කළා.

සිද්ධිය වන අවස්ථාවේ ඔහුගේ බිරිඳ සහ දියණිය නිවසේ සිටි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙය ඝාතනයක් ද එසේත් නැත්නම් සියදිවි නසාගැනීමක් ද යන්න අනාවරණ කරගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *