රනිල් ඡන්දය ඉල්ලන්නේ නෑ .. එක 100% ම ෂුවර් – දයාසිරි ජයසේකර

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු කියා සිටියේ තමා දන්නා රනිල් වික්‍රමසිංහ ඡන්දය ඉල්ලන්න නැති බව සියයට සියයක්ම ස්ථිර බවයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

පොදු ජන පෙරමුණේ සහාය නොමැතිව රනිල් වික්‍රමසිංහ හට ඉදිරියට යාමට නොහැකි බව හෙතෙම කියා සිටියා.

මේ වන විට පොදු ජන පෙරමුණ පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පෙනෙන්නට ඇති බව ඔහු අනාවරණ කළා.

එවැනි දෙයක් සිදු වුවොත් රනිල් වික්‍රමසිංහ සමඟ හිටගත්ත පිරිසට විශාල අරගලයට මුහුණ දීමට සිදුවනු ඇති බව මන්ත්‍රි දයාසිරි ජයසේකර වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *