රනිල්ගේ පලමු රැලිය හෙට දිනයේදි

2024 ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මංගල ජන හමුව හෙට දින පැවැත්වෙයි.හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා මෙහි පෙර සූදානම සහ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගී වෙමින් මාධ්‍යයට අදහස් පළ කර සිටියා..

2024 ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී සිටින අතර එතුමාගේ මංගල ජන හමුව හෙට දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති  අතර මේ සඳහා පෙර සූදානම පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් හිටපු අමාත්‍ය පි හැරිසන් මහතා මාධ්‍යයට අදහස් පළ කරමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංග මැතිතුමාගේ මංගල ජන හමුව සඳහා අති විශාල පාක්ෂිකින් පිරිසක් හෙට දින සහභාගි වන බවත් එය සාර්ථකව සංවිධානය කරන බවත් හිටපු අමාත්‍යවරයා පවසා සිටියා.

එමෙන්ම ඉදිරි සතිය තුල රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය පළ කිරීම සඳහා සමග ජන බලවේගයේ පලුවක් ගැලවී එතුමාට සහාය දැක්වීමට මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බවත් එතුමා පවසා සිටි අතර තවත් පක්ෂ රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව හිටපු  අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම සමගි ජන බලවේගය සමඟ එක් වූ රිසාද් බදුර්දින් මහතා පාටලී චම්පික කරනවක මහතා රවුෆ් හකීම් මහතා ඇතුළු සියලු දෙනා සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග වැදුණු පුද්ගලයින් බවත් අමුතුවෙන් සමගි ජන බලවේගය සමග එකතුවීමට දෙයක් නොමැති බවත් ඔවුන් එදා සිට සමගි ජන බලවේගයත් එක්ව කටයුතු කළ අය බව පෙන්වා දුන්නා.

පසුගිය අරගලය සමය තුළ රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙන මොහොතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාර අරගෙන කෙටි කාලයක් තුළ රට යථා තත්ත්වයට පත් කළ බවත් තෙල් පෝලිම් නැති කළ බවත් ගෑස් පෝලිම් නැති කළ බවත් ජන ජීවිත නැවත නගා සිටුවීමට හැකි වුන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ පිළිබඳව ජනතාව මේ වන විටත් තේරුම් අරගෙන රනිල් මැතිතුමා ජයග්‍රහණය කරවීම සඳහා ජනතාව පෙළ ගැසී සිටින බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියා.

තවද තිස්ස කුට්ටිආරච්චි මහතා පවසන ආකාරයට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එකතුවීම දරා ගැනීමට නොහැකිව අද වන විට පක්ෂය පිරිසුදු වී ඇති බව කියන ප්‍රකාශය පිළිබඳවද මෙහිදී හිටපු අමාත්‍ය පිය හැරිසන් මහතා අදහස් පළ කරමින් කියා සිටියේ වෛද්‍යවරයා විසින් ලෙඩාට බෙහෙත් කළ බවත් ලෙඩා මැරුණු බවත් ඉන් අනතුරුව බඩ සුද්ධ වූ බව යනුවෙන් කියන්නා වූ ප්‍රකාශයක් බවත් එතුමා කියා සිටියා.එම නිසා ඔවුන් සිත් වේදනාවට කරන ප්‍රකාශ ඒ හැටි ගණන් ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කර සිටියා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *