රනිල්ට ඕන කෘෂිකර්මාන්තය විනාශ කරන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඕන කෘෂිකර්මාන්තය විනාශ කරන්න වුවත්, අපිට ඕනි ගොවියා තවත් ශක්තිමත් කරන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) අකුරැස්සේ පැවැති 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් විජයග්‍රහණය කරා ගෙන යන තුන්වැනි ජන රැළිය අමතමින්.

නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ජනතාව අසරණ වී සිටි අවස්ථාවේ ඒ ගැන අවස්ථා ගණනාවක දී තමා ඇතුළු සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කතා කළ බවත් ඒ අවස්ථාවල කරුණු ඉදිරිපත් කරන විට රජය ඒ ගැන තඹ සතයකවත් ගණන් ගැනීමක් නොකළ බව විපක්ෂනායකවරයා කියා සිටියා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබූ මොහොතක වන්දි නොලැබුණු ගොවි ජනතාවට වන්දි ලබා දෙන්න යැයි ඉල්ලීමක් කළ විට වත්මන් ජනාධිපතිවරයා මේ ප්‍රදේශයේ කුඹුරු අක්කර 10000ක් ආණ්ඩුවට ගැනීමට තීරණය කර ඇති බවත් ගොවිබිම් අක්කර 10000 ආණ්ඩුවට ගෙන වෙනත් කටයුතුවලට යොදවීමට තීරණය කර ඇති බව ඔහු අනාවරණ කළා.

එසේම තමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරන විට වත්මන් ජනාධිපතිවරයා විසින් ‘කෘෂිකර්මාන්තය අප රටට ඔබින්නේ නැත’ යනුවෙන් එවක කියා සිටි බවත් ඔහුට කෘෂිකර්මාන්තය වටින්නේ නැති වුවත් තමාට ගොවියා සහ කෘෂිකර්මාන්තය වැදගත් බව ඔහු පවසා සිටියා.

සමගි ජන බලවේගයේ විසඳුම වන්නේ මේ ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට විසඳුමක් ලබා දී මේ ගොවිබිම් ආරක්ෂා කර එම මුදල් උපයෝගී කර ගෙන තවත් විදේශ ආධාර ලබා ගෙන නිල්වලා ගඟ ව්‍යාපාරයේ අතිරික්ත ජලය වියළි කලාපයට ගෙන යන වැඩසටහන් සිදු කිරීම බවත් විපක්ෂනායකවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *