”රනිල්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ, එයා ජනාධිපති අපෙක්ෂකත්වයෙන් ඉල්ලා අස්විය යුතුයි ”

රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නත් බැරි බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපෙක්ෂකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් පවසනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය චරිත සහතිකයක් ලබාදී තිබෙන බවත් රටේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහට තවදුරටත් තෝරා ගන්නවාද නැද්ද යන තිරණය එම චරිත සහතිකය තුළින් රටේ ජනතාවට තේරුම්ගත හැකි බවත් මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගත් ජනාධිපතිවරයෙක් බව ඔහු කියා සිටියා.

එමෙන්ම රටේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහට තවදුරටත් තෝරා ගන්නවාද නැද්ද යන තිරණය එම චරිත සහතිකය තුළින් රටේ ජනතාවට තේරුම්ගත හැකි බවත් මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගත් ජනාධිපතිවරයෙක් බව ඔහු පවසා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මේ බව පැවසුවේ ඊයේ (22) සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ මුජීබර් රහුමාන් මහතා,‘‘2023 වසරේ මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබෙනවා. සමගි ජන බලවේගය සහ තවත් කණ්ඩායම් කිහිපයක් ගොනු කර තිබූ පෙත්සම් හතරක අවසන් තීන්දුව ලබා දෙමින් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ තින්දුව ලබාදුන්නේ. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ඡන්දය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා මුල්‍ය සහාය නොදී එම අයිතිය උල්ලංඝනය කරලා තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි නියෝගයක් ලබාදීලා තිබෙනවා. ඒ වගේම පලාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසන් සභාවටත් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි නියෝගයක් ලබාදීලා තිබෙනවා. රටේ වර්තමාන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයේ සඳහන් වනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මේ වගේ නඩු තීන්දුවක් ලබාදිලා තිබෙන්නේ. මෙවැනි නඩු තීන්දුවක් කිසිදු ජනාධිපතිවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදිලා නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිම නිසා රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නත් බෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපෙක්ෂකත්වයෙන් ඉල්ලා අස්විය යුතුයි. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා සිටින රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි නියෝගයක් ලබාදිලා තිබෙනවා. එවැනි පුද්ගලයෙක් රටේ ජනාධිපති වුණොත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරයිද කියන ප්‍රශ්නය මතුවෙනවා. ජනාධිපතිවරයා දැනුත් ඡන්ද නීති කඩනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *