රනිල්ට දෙන්න කිව්වොත් උඩින්ම දෙන්නේ – හිටපු ජනපති මහින්ද

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හෙට (29) දින තිරණය කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටින්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂයේ සහාය දෙන්න තීරණය කලොත් උඩින්ම සහාය දෙන බවයි. ජනාධිපතිවරණයට පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳ අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව හෙතෙම පවසා සිටියා.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙන පක්ෂවලට සහාය ලබා දීමට ගොස් ඇති අතර එම පිරිසට අවශ්‍ය නිදහස ලබා දුන්නාහම එය ඉදිරියේදී ගැටළුවක් නොවනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *