රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මේ සතියේ කෝප් කමිටුවට

රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙලෙස කැඳවීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

එළැඹෙන සිකුරාදා (26) දිනයේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙසේ කැඳවා ඇති සෙසු ආයතන වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදලයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල කෝප් කමිටුව අනිද්දා දිනයේ දී හමුවට කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *