රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා සිය රාජකාරී කටයුතු අරඹයි…..

අභිනව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා කොළඹ 07,නිදහස් චතුරශ්‍රයේ පිහිටි එම අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු(19දා) භාර ගන්නා ලදි.

අමාත්‍යංශයේ ජෞෂ්ඨ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ නව රජය බලයට පත් වීමත් සමග රටේ ගමන් මගේ නව පරිච්ඡේදයක් ආරම්භ වූ බවයි.මේ නව පරිච්ඡේදය මනා කොට හසුරුවා ගනිමින් ජනතා හිතවාදී ගමනක් යාමට සියලු රාජ්‍ය නිලධාරීන් සාමුහිකව කටයුතු කල යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමේදි රාජ්‍ය නිලධාරීන්ට නිදහසේ සේවය කිරීමට හැකි වටාපිටාවක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව සඳහන් කල අමාත්‍යවරයා එහිදි නිලධාරීන්ට මතුවන අවහිරතා සේම එම සේවාව ලබා ගැනීමේදී රටේ ජනතාවට වන අවහිරතාද ඉවත් කිරීම තම අපේක්ෂාව බවද මෙහිදී පැවසීය.

මෙම අවස්තාවට අමාත්‍යංශ ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා ඇතුලු අමාත්‍යංශ ජෞෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *