රැකියා සුරක්ෂිත භාවය සඳහා වූ ලෝක දිනය අදයි

රැකියා සුරක්ෂිතභාවය සඳහා වූ ලෝක දිනය අදට (28) යෙදී තිබෙනවා.

සෑම අප්‍රේල් 28 වනදාකම ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ලෝක දිනය සමරනු ලබනවා.

මෙවර එහි තේමාව වන්නේ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම් ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් දැනටමත් ලොව පුරා සිටින කම්කරුවන් අධික තාපය, පාරජම්බුල කිරණ, ආන්තික කාලගුණික සිදුවීම්, වායු දූෂණය, වාහක මගින් බෝවන රෝග සහ කෘෂි රසායන වැනි උපද්‍රවවලට නිරාවරණය වීමේ වැඩි අවදානමකට මුහුණ දී සිටින බවයි ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *