රුසියානු ප්‍රහාරවලින් යුක්රේනය අඳුරු වෙයි

යුක්රේනයේ කාර්කිව් නගරය ඇතුලු නගර ගණනාවක බලශක්ති පද්ධති ඉලක්ක කරගනිමින් රුසියාව දෙවන වරටත් එල්ල කළ ප්‍රහාරවලින් මිලියන ගණනක ජනතාවකට අදුරේ සිටීමට සිදුව තිබෙනවා.

දින දහයකට පෙර සිට රුසියාව දිගින් දිගටම බලාගාර පද්ධතිය ඉලක්ක කරගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් මෙලෙස විදුලිබලය අහිමිවී ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් යළි ප්‍රහාරයක් එල්ල නොවුණහොත් සම්පූර්ණ සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට සති කිහිපයක් ගතවනු ඇති බවට කාර්කිව් නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *