රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා, මුදල් වංචා කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

සැකකරු කටාන ප්‍රදේශයේ සිසුවෙකුගෙන් රුපියල් විසි 195,000 මුදලක් වංචා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට අනුව සැකකරු ඊයේ (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ රුසියාවේ සිට ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණෙමින් සිටියදීයි.

සැකකරුට එරෙහිව මාතර, කුළියාපිටිය, කුරුණෑගල සහ නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලි ලැබී තිබෙනවා. 32 හැවිරිදි සැකකරු වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *