රුහුණු විශ්වවිද්‍යාලයට නිසි බලධරයෙක් පත් කරයි.

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 20 (4) (ආ) වන වගන්තිය මගින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය විසින් රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු ඉදිරියට කරගෙන යාම සදහා එහි උපකුලපති වෙනුවට 2024.11.25 වන අද දින සිට නිසි බලධරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා පත් කර ඇත.

අදාල ගැසට් පත්‍රය මේ සමග යොමු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 537

Leave A Reply

Your email address will not be published. Required fields are marked *