රූපවාහිනියෙන් ඩයනාට නඩු පවරන්න සුදානම් වෙයි

සැප්තැම්බර් මස පැවැති නවගමුව පෙරහර සඳහා සජීවී ලෙස විකාශය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැරි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එම හිග මුදල ගෙවන ලෙසට සිහිකැඳවීම් ගණනාවක් කර ඇතත් තවමත් එම මුදල ගෙවා නැති බවට ජාතික රූපවාහිනි සංස්ථාව පවසනවා.

එම හේතුවෙන් එම හිඟ මුදල නොපමාව ගෙවීම් නොකළහොත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි සංස්ථාවේ ගිණුම් අංශයේ උසස් නිලධාරියකු පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති පැවසූවේ රාජ්‍ය අමාත්‍යවරිය එම මුදල නොගෙවීමෙන් සංස්ථාවට විශාල ගැටලුවක් මතු වී ඇති බවයි.

එම සජීවී විකාශය ලබාදී තිබුණේ විකාශය සඳහා වැයවන මුදල තමාගේ අතින් ගෙවන බවට ඇය රූපවාහිනි සංස්ථාවට ලිඛිතව දැන්වීමෙන් පසුව බව සඳහන්.

මේ අතර මෙම හිඟ මුදල වහාම අයකර ගැනීමට කටයුතු කරන ලෙසට රූපවාහිනි සංස්ථාවේ සේවකයින් බලපෑම් කරන බවටද වාර්තා වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *