මුදලට තරග පාවාදීම සඳහා යෝජනා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා T10 සුපර් ලීග් ක්රිකට් තරගාවලියේ ගෝල් මාවලර්ස් (GALLE MARVELS) කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙකු ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අද උදෑසන සුගත දාස ගෘහස්ථ ක්රීඩා පිටියේ ස්ථාපිත ක්රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකය වෙත රැගෙන ආවා
පසුව පැය කීපයක් ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව උදෑසන දහයයි තිහට පමණ එම ස්ථානයෙන් අධිකරණය විතර ගෙන ගියාම
ලංකා T10 සුපර් ලීග් ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩකයෙකුට මුදලට තරග පාවාදීම සඳහා අදාළ සැකකාර පුද්ගලයා විසින් යෝජනා කර ඇති බව වාර්තා වෙන්නේ.
ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය විසින් මෙරට ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව පෙරේදා එම ඒකකයේ කණ්ඩායමක් පල්ලේකැලේ ප්රදේශයට ගොස් මහනුවර ප්රදේශයේදී අපි ඊයේ අත්අඩංගුවට ගත්තා.