ජෝසප් ස්ටාලින්
ගුරුවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් සුබෝධුනී කමිටු වාර්තාවක් සකස් කරලා තුනෙන් එකක් 2022 ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලැබීමට සැලැස්වූවා
අනතුරුව ඉතිරි තුනෙන් දෙක ලබාදීමට තමයි කටයුතු කිරීමට තිබුනේ
එවැනි අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා ස්වාධීන ගුරු සභාවක් පත්කර ඒ හරහා විසඳුම් ලබාදෙන්න
නැවත කමිටු පත් කිරීමට අවශ්‍ය නැහැ ඉතිරි තුනෙන් දෙක ලබාදීමටයි කටයුතු කළ යුත්තේ
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකිරීමට අවශ්‍යයි
මහින්ද ජයසිංහ සහෝදරයා අපිත් සමග එකට මේ වෘත්තිය ක්‍රියාමාර්ගවල හිටියා ඔහුට නැවත පැහැදිලි කිරීමට අවශ්‍ය නැහැ
අපි බලාපොරොත්තු වෙනවා රජය ඉදිරියේදී සුබෝධි කමිටු වාර්තාවට අනුව ඉතිරි තුනෙන් දෙක ලබාදීමට කටයුතු කරයි කියලා
එසේ නොවුනහොත් අපගේ වෘත්තියේ ක්‍රියාමාර්ග පියවරෙන් පියවර ඉදිරියට අරගන්නවා
රජය අයවැය තුළින් සියලු රාජ්‍ය සේවකයන්ගේ ගැටලු විසඳන බවටත් ප්‍රකාශ කර තිබෙනවා
අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කරනවා
ස්වාධීන ගුරු සභාවක් අවශ්‍ය වන්නේ මෙම වැටුප් ක්‍රමවේදයේ තුනෙන් දෙක ලබාදීමට නොවෙයි
1994 සිට ක්‍රියාත්මක නොවූ ගුරු විදුහල්පති ස්වාධීන ගුරු සභාව එය ක්‍රියාත්මක විය යුතුයි එය වැටුප් ලබාදීමට අදාළ නැහැ
එම නිසා කඩිනමින් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සහ මෙම සුබෝධිනී කමිටු වාර්තාවට අනුව වැටුප් ලබාදීම පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය වනවා නැතහොත් අපි ඉදිරි ක්‍රියාමාර්ග අරගන්නවා