ලංකාවට එන Elon Muskගෙන් ඉන්ටර්නෙට් ගන්න රජයෙන් සැලසුම්

ටෙස්ලා සහ ස්පේස් එක්ස් ප්‍රධානී Elon Musk වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එය මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන පවසනවා.

“Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවන බවත් එය සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථිකයට වැඩදායී ක්ෂේත්‍ර රැසක වර්ධනයට රුකුලක් වන බවත් ඒ ඔහු පෙන්වා දුන්නා.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *