ලංකාවට එන ඉරාන ජනාධිපති

උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ලබන බදාදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක අතර ඒ පිළිබඳව සොයා බැලීමට ඉරාන ජ්‍යෙෂ්ඨ ආරක්ෂ අංශ සාමාජිකයන් පිරිසක්ද පසුගියදා මෙරටට පැමිණ තිබුණා.

මෙවන් පසුබිමක ඉරාන ජනපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අමෙරිකාව ශ්‍රි ලංකා රජයට විරෝධය පල කර ඇති බවටද මාධ්‍ය වාර්තා පලවනවා.

රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කලේ ඉරාන ජනපතිගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාව සහ අමෙරිකානු එෆ් බී අයි ඔත්තු සේවා විමසිල්ලෙන් පසුවන බවයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *