ලංකාවෙන් යුරෝපයට පාපැදියක්

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ නිපද වූ ඉලෙක්ට්‍රික් බයික් තොගයක් යුරෝපයට අපනයනය අරඹයි.

මෙම විද්‍යුත් පාපැදි නිෂ්පාදනය කොට ඇත්තේ කේ.ඩි රයිස් ආයතනය විසිනි. යුරෝපීය වෙළඳපලට පිවිසීමට අවශ්‍ය ජාත්‍යන්තර CE සහතිකය ISO තත්ත්ව සහතික වලින් ඇගයීමට ලක් වූ ලංකාවේ මුල්ම හා එකම ආයතනය වන්නේ කේ.ඩී රයිස් ආයතනයයි. මෙම ජාත්‍යයන්තර සහතික ඉන්දියාව ඇතුළු කිසිඳු දකුණු ආසියානු රටකට හිමි වී නැති බැවින් එම රටවල නිපදවන ඉලෙක්ට්‍රික් බයික් යුරෝපයට අපනයනය කිරීමේ හැකියාවක් නැත. එම නිසා යුරෝපයට ඉලෙක්ට්‍රික් බයික් අපනයනය කරන ආසියාවේ ප්‍රථම රට ලෙස ලංකාවේ කේ.ඩී රයිස් ආයතනය ඉතිහාසයට එක් වී ඇත.

කේ.ඩී රයිස් මෝටර්ස් ආයතනය 2022 දී ආරම්භ කෙරෙන්නේ ඉතාලියේ සිට පැමිණි ධම්මික පෙරේරාය. ඔහු මේ කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කල මුදල ඩොලර් මිලියන පහකි. ලංකාවේ ප්‍රථම හා එකම ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් නිෂ්පාදන ආයතනය වන්නේ කේ.ඩී රයිස් මෝටර්ස් ආයතනයයි.

ධම්මික පෙරේරා සතු ඉතාලියේ ඉලෙක්ට්‍රික් බයිසිකල් කර්මාන්ත ශාලාවේ නිපද වූ ඉලෙක්ට්‍රිත් බයිසි කලයක් එරට අගමැති රියෙන්සි තවමත් භාවිතා කිරීම විශේෂත්වයකි.

මේ අතර කේ.ඩී රයිස් මෝටර්ස් ආයතනය ලංකාවේ වෙළඳ පලට නිෂ්පාදනය කොට ඇති දැනට දේශීය වෙළඳපල තුල සීග්‍රයෙන් අලෙවිවන ලීඩර් (LEADER) ඉලෙක්ට්‍රික් ස්කුටරය මිලග අදියරේ දී යුරෝපීය වෙළඳපලට අපනයනයට දැනටමත් සැලසුම් කොට ඇත.

ලංකාවේ වාහන එකලස් කිරීම ආරම්භ කරන ලද්දේ උපාලි විජේවර්ධන විසින් ඉතාලියේ ෆියට සමාගම සමගය. එහෙත් රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා උපාලිෆියට් ව්‍යාපාරය බිඳ වැටුනි. ඒ නිසා ලෝක වෙළඳපලට උපාලිෆියට් රථය අපනයනය කරන උපාලිගේ සිහිනය පලදැරුවේ නැත. එහෙත් කේ.ඩී රයිස් ආයතනයේ ප්‍රධානී ධම්මික පෙරේරා කිසිඳු රාජ්‍ය අනුග්‍රහයක් නැතුව ඉතාලිය ඇතුළු යුරෝපයටම ඉලෙක්ට්‍රික් බයික් අපනයනය කොට මෙරටට දැවැන්ත ඩොලර් ප්‍රමාණයක් විදේශ විනිමය ලෙස ගෙන ඒමට කටයුතු කොට ඇත. එය යුරෝපීය වාහන වෙළඳපල තුල ලංකාවේ නිෂ්පාදිත වාහන ජය කෙහෙලි නැංවීමට උපාලි විජේවර්ධන දුටු සිහිනය පලදරුමක්ද වනු නියතය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *