ලංකාවේ ආර්ථිකය ගොඩනැගිමට විසදුම් මුල්‍ය අරමුදල පෙන්වා දෙයි

මේ අතර රට තුළ ශ්‍රීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට රජය ආරම්භ කර ඇති
වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර නීතිඥවරුන් සමග මහනුවරදී පැවති
සුහද හමුවකදි ප්‍රකාශ කළා.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමට ඇති කඩිනම් විසඳුම ජාත්‍යන්තර
මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා
සඳහන් කළේ එම ප්‍රතිලාභය ජනතාවට හිමිකර දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය
අරමුදල සමග වන ගිවිසුම නීතිගත කිරීමට කටයුතු කරන බවයි.
එසේම සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් ගෙන එන
බව පැවසූ ජනාධිපතිවරයා එම කටයුතු සඳහා නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ
සහාය අපේක්ෂා කරන බව ද පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *