ලංකාවේ මැතිවරණයක් පැවැත්වීම අපිට ප්‍රශ්නයක් නෑ” IMF ජ්‍යේෂ්ඨ ප්‍රධානී Peter Breuer

ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් දෙවැනි ඇගයීම පිළිබඳව ජ්‍යේෂ්ඨ නියෝජිතයින් පිරිසක් පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව Peter Breuerගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා.

එහිදී එහි ජ්‍යේෂ්ඨ ප්‍රධානී Peter Breuer සඳහන් කර සිටියේ මැතිවරණයක් පැවැත්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැටලුවක් නොවන බවයි.

ඕනෑම රටක මැතිවරණයක් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලික් වන බැවින් IMF ඒ සඳහා පූර්ණ වශයෙන් ගරු කරන අතර ඔවුන් අදාළ ක්‍රියාවලියට අනුගත වන බවද මෙහිදී පවසා තිබෙනවා.

එමෙන්ම එය නිශ්චිත කාලසීමාවක දී ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් පැවැත්වීම ඔවුන් අනුමත කරන බවයි වැඩිදුරටත් ඔහු පැවසුවේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ මැතිවරණයක් පවත්වන්නේ නම් අදාළ බලධාරීන් සමග එක් ව ඊට අවශ්‍ය කාල රාමුවක් සැකසිය යුතු බවයි ජ්‍යේෂ්ඨ ප්‍රධානී Peter Breuer සඳහන් කර සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *