බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනි අවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනාදීකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනි අවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනාදීකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇවෙන්රා හෝටල් සමූහයේ අධිපති එච්.ඩී. නවින්තක ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කලා.

එහි වග උත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

නීතිඥ සනත් විජයවර්ධන මහතා මාර්ගයෙන් ගොණු කර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ 2012 හෝ 2013 වසරවල තමන්ට එල්ල වූ බරපතල තර්ජන හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශය වෙතින් බලපත්‍රය යටතේ ගිනි අවි ලබාගෙන තිබූ බවයි.

අරගලය පැවති සමයේ සිය හෝටල් වලට අලාභ හානි සිදුකළ අතර ඒ තුළින් තමන්ට විශාල පාඩුවක් සිදුවූ බවත් පෙත්සමේ සඳහන් කර සිටියා.

මෙම වාතාවරණය තුළ බලපත්‍රය යටතේ නිකුත් කර තිබෙන ගිනි අවි ආපසු භාර දෙන ලෙස ඉකුත් 07 වනදා ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බව තමන්ට දැනගන්නට ලැබුණු බව පෙත්සම්කරු සඳහන් කළා.

මෙම තීරණය හේතුවෙන් ව්‍යාපාරිකයෙකු වශයෙන් තමන්ට දැඩි තර්ජනකාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළත් ඉන් පලක් නොවූ බවත් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන අදාල නිවේදනය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු අදාළ නිවේදනය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *