ලාංකික තරුණයෙක්ට නෝර්වේ දී සිදු වූ අවාසනාවන්ත ඉරණම

නෝර්වේ රාජ්‍යයේදී මෝටර් රථයක් තුළ පිළිස්සී මියගොස් සිටි යාපනයේ පදිංචි දෙමළ වැසියා පිළිබඳව නෝර්වේ පොලිසිය ඊයේ (08) තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයට ගිය නෝර්වේ පොලිස් නිලධාරීන් පිරිසක් මියගිය පුද්ගලයාගේ මළ සිරුරේ කොටස් පරීක්ෂාවට ලක් කිරීමේදී භාගෙට පිලිසී ගිය හැඳුනුම්පතක් හමුවී ඇති බවයි සඳහන් වන්නේ.

එහි සදහන් තොරතුරුවලට අනුව මියගොස් අත්තේ යාපනයේ පදිංචි දෙදරු පියෙකු වන අරසරත්නම් දුෂ්‍යන්තන් බවට හදුනාගෙන ඇති බවයි.

මියගිය පුද්ගලයා මීට වසර 6 කට ඉහතදී රැකියාවක් සඳහා නෝර්වේ රාජ්‍යයට ගොස් ඇති අතර බිරිඳ හා දරුවන් දෙදෙනාද යාපනයෙන් එරටට රැගෙන ගොස් එහි ජීවත් වෙමින් සිටියදී මෙම ඛේදවාචකයට මුහුණ දී තිබෙනවා.

මෙම මරණය සියදිවි හානි කර ගැනීමක්ද එසේ නොමැති නම් ඝාතනයක්ද යන්න පිළිබදව තොරතුරු මෙතෙක් අනාවරාණය වී නොමැති අතර නෝර්වේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *