අවුරුදු 14ත් 16ත් අතර වයසේ පසුවන ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමඟ ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව ගෙන ආ නීති සංශෝධනය ඉවත් කරගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.