ලොකු ලූනු මිල සීඝ්‍රයෙන් පහළට

වෙළෙඳපොළේ ආනයනික ලොකු ලුනූ මිල ගණන් මේ වනවිට සැලකිය යුතු අගයකින් පහළ බැස ඇති බව වෙළඳුන් සහ පාරිභෝගික ජනතාව පවසනවා.

ලොකු ලුනූ අපනයනය තහනම් කිරීමට ඉන්දියාව එළැඹි තීරණයත් සමග ලොක ලූනු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, පසුගිය මාර්තු මුල් සතිය වනවිට රුපියල් 400කට ආසන්නව පැවති ලොකු ලුනූ කිලෝවක මිල අප්‍රේල් මාසය වනවිට රුපියල් 700ත් 800ත් අතර මිලකට ඉහළ ගොස් තිබුණා.

චීනය ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලුනූ ආනයනය කිරීමට ද රජය පියවර ගෙන තිබුනේ එවන් පසුබිමක් තුළයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා ලොකු ලුනූ අපනයන තහනම ඉවත් කිරීමට ඉන්දියාව පියවර ගැනීමත් සමග ඉන්දිය ලොකු ලුනූ මේ වනවිට මෙරටට පැමිණෙමින් තිබෙනවා.

වෙළඳුන් සහ පාරිභෝගික ජනතාව පවසන්නේ රුපියල් 750ක් වැනි ඉහළ මිලකට අලෙවි වූ ලොකු ලූනු කිලෝවක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 200ත් 210ත් අතර මිලකට බවයි.

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *