ලොව ප්‍රථම ඩ්‍රෝන අධිවේගී මාර්ගය එක්සත් රාජධානියෙන්

එක්සත් රාජධානිය විසින් ලොව ප්‍රථම වරට ඩ්‍රෝන යානා සඳහා වෙන්වූ ගුවන් අධිවේගී මාර්ගයක් හඳුන්වා දී තිබෙනවා.

එය ජූනි සහ ජූලි මාස අතරතුරදී විවෘත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙය ඩ්‍රෝන සඳහා මෘදුකාංග සපයන සමාගමක් වූ ඇල්ටිටියුඩ් එන්ජල් විසින් නිර්මාණය කර ඇති අතර කොවෙන්ට්‍රි සහ මිල්ටන් කේන්ස් නගර යා කරමින් සැතපුම් 165 ක් පුරා දිවෙන බවද සඳහන්.

එම සමාගම පවසන්නේ මෙම ගුවන් මාර්ගය තුළ ආරක්ෂිතව ඩ්‍රෝන යානා පියාසර කළ හැකි අතර යානා පියාසර කරවීම සඳහා මිනිස් නියමුවන් අවශ්‍ය නොවන බවයි.

එක්සත් රාජධානිය පුරාවට නියමුවන් රහිත ඩ්‍රෝනවලින් අධිවේගී බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට මෙම අධිවේගී මාර්ගය හරහා ඉඩ ලැබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇතැම් පාර්ශවයන් සඳහන් කරන්නේ මෙම ගුවන් මාර්ගය වැටී ඇති ප්‍රදේශවල ජීවත් වන බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පුද්ගලිකත්වයට සහ ආරක්ෂාවට මින් විශාල තර්ජනයක් එල්ල විය හැකි බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *