ලෝක ළමා දිනය වෙනුවෙන් සත්වෝද්‍යානයේ පැවැත්වෙන දේ මෙන්න

සෑම දරුවෙකුටම – සෑම අයිතියක්” යන තේමාව යටතේ 2024.10.01 දින ලෝක ළමා දිනය සැමරීමේ වැඩසටහනක් පින්නවල සත්වෝද්‍යානය සංවිධානය කර තිබේ.
එදිනට සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන පොඩිත්තන් සඳහා මෙම දිනය පුරාවට විවිධ වැඩසටහන් පැවැත්වීම හා ජයග්‍රාහකයින් සඳහා තිළිණ ලබා දීමට සූදානම් කර තිබේ.
එදිනට සත්වෝද්‍යානය නැරඹීම සඳහා අවුරුදු 12 ට අඩු දරුවන්ට නොමිලේ ඇතුල්වීමට අවස්ථාව උදා වේ.
ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සපිරී යන උද්‍යානයන් සදහා වයස අවූරදු 12 න් පහල සියලු ළමුන්ට නොමිලයේ ඇතුල්වීමට පහසුකම් සලසා තිබේ
සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන කුඩා දරුවන් සඳහා සත්වෝද්‍යානයට ඇතුල් වීමේ දී තම මුහුණු සතුන්ගේ හැඩතල සහිතව වර්ණ ගන්වා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා මුහුණු වර්ණ ගැන්වීමේ වැඩසටහනක් ප්‍රවේශපත්‍ර කවුළුව ආශ්‍රිතව නෝලිමිට් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වීමට සංවිධානය කර ඇත
සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන පොඩිත්තන් සියල්ල සඳහා ප්‍රවේශපත්‍ර කවුළුව අසල දී කැන්ඩොස් ආයතනයේ අනුග්‍රහයෙන් චොකලට් ඇතුළු තිළිණ ලබා දීම සිදු වේ.
පුංචි ඔයාලාගේ හැකියාවන් පෙන්වන්න තවත් අවස්ථාවක්
පින්නවල සත්වෝද්‍යානයේ විවිධ සත්ව අරණ තුල දී පොඩිත්තන් සඳහා දැනුවත් කිරීම් සිදු කරන අතර ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න විමසා ජයග්‍රාහකයින් සඳහා තිළිණ ලබා දීම සිදු කෙරේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *