“වතුකරයේ ජනතාවගෙන් ජවිපෙ සමාව ගත යුතුයි”

වතුකරයේ ජනතාවට පුරවැසිභාවය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ එදා විරුද්ධ වූ නිසා අනුර කුමාර දිසානයක ජනාධිපති එම ජනතාවගෙන් දැන්වත් සමාව ගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මෙවර මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය සඳහා ඊයේ (10) නුවරඑළිය කොටගල පැවැති ජන හමුවේදීය.

එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මූලික වී වතුකරයේ ජනතාවට එදා පුරවැසිභාවය දෙන විට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඊට විරෝධය පළ කළ බවයි.

මේ ප්‍රදේශයේ ජනතාවට ජීවත් වීම සඳහා පහසුකම් ලබා දෙන අතර 1986 දී සිරිමා ශාස්ත්‍රී සහ සිරිමා ඉන්දිරා ගිවිසුම් දෙක යටතේ ඉන්දියාවේ හෝ ලංකාවේ පුරවැසිභාවය නොලැබුණු හැමදෙනාටම අප ලංකාවේ පුරවැසිකම ලබා දුන් අතර තොණ්ඩමාන් අමාත්‍යවරයා ගත් එම පියවරත් ජේ. ජයවර්ධන ජනාධිපතිවරයා ඊට ලබා දුන් සහයත් සමග අප සියලු දෙනා ඊට අනුකූලතාවය ලබා දුන් බව ඔහු කියා සිටියා.

තව ද ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මේකට විරුද්ධ වු බවත් ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ මෙම ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනාධිපති අනුර දිසානායක කියා සිටින බව හිටපු ජනාධීපති රනිල් වික්‍රමසිංහ කියා සිටියා.

එදා ජනතා විමුක්ති පෙරමුණ මේ වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය දෙන්න එපා කියා සිටි අතර අද ඔවුන්ට ඡන්දය දෙන්නේ කුමටදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රශ්ණ කර සිටියා.

What's your reaction?

Related Posts

1 of 381

Leave A Reply

Your email address will not be published. Required fields are marked *